අධිකරණයට අපහාස කරමින් කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද(25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඒ ඔහුට එරෙහිව ගොනු කර ඇති පෙත්සමක් අද බුවනෙක අළුවිහාරේ මහතා ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ දීය.
පසුගිය 12 වැනි දා පෙත්සම කැඳවු අවස්ථාවේදී විනිසුරුවරුන් විසින් නියෝජ්‍ය අමාත්‍යවරයාට අදදින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කෙරිණි.
අද නඩු විභාගයේදී රංජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයාට නොවැම්බර් 21 වැනි දා නැවත අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කෙරිණි.
පසුගිය අගෝස්තු 21වැනිදා මාධ්‍ය හමුවකදී බහුතරයක් නීතිඥයින් දූෂිතයින් බවට ප්‍රකාශ කළ බව කියමින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
(ඡායාරූප-ඉෂාන් සංජීව)





