(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පෙරවරුවේ අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීය.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට අද පෙරවරු 11ට පමණ ගොස් රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීමෙන් පසුව විපක්ෂ නායකවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වනු ලැබීය.
පවත්නා නීතිමය තත්ත්වය තේරුම් ගනිමින් රන්ජන් රාමනායක මහතා වහාම පාර්ලිමේන්තුවට ගෙන්වීමට කතානායක වරයා කටයුතු කළ යුතු බවද එහිදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
සිරගෙදර තුළ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ජීවිතය බරපතල අවදානමකට ලක්ව ඇති බවත් ආණ්ඩුව මේ පිළිබඳව වහාම සිය අවධානය යොමු කළ යුතු බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
තම පක්ෂය රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටින බවත් ඔහු වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියා ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



