කැබිනට් ඇමති ධූරයක් නොලැබීමෙන් යම් අසාධාරණයක් සිදුවී ඇත්නම් එය පෞද්ගලිකව තමාට නොව පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට සිදුවී ඇති බව නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දිවුරුම් දීමෙන් අනතුරුව ආණමඩුවට යන අතර තුර හලාවත - මාදම්පේ,තනියවල්ලභ දේවාලය අසල පැවති පිළිගැනීමේ උත්සවයක් අවසානයේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
තනියවල්ලභ දේවාලයට පැමිණි රාජ්‍ය ඇමතිවරයා බෝධියට පැන් පුරා, සුවඳ කූරු දල්වා, බුදුන් වැඳ සහ දෙවියන් නැමැද පොල් ගැසීය.



