තමා විසින් විල්පත්තු රක්ෂිතයේ ගස් කපන ලද බව ඔප්පු කළහොත් තමා දේශපාලනයෙන් සමු ගන්නා බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
එසේ ඔප්පු නොකළහොත් ගස්කැපු බවට තමාට චෝදනාකරන පාහියංගල ආනන්ද සාගර හිමියන් භික්‍ෂු ශාසනය තුළ තවදුරටත් රැදී සිටින්නේදැයි තීරණය කළයුතු බවටද රංගේබණ්ඩා මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ තමන් එවැනි ගස් කැපීමක් හෝ වන විනාශයක් සිදු කර ඇති බව ඔප්පු කිරීමට පූජ්‍ය ආනන්ද සාගර හිමියන් අපොහොසත් වන්නේනම් මුසා බස් පැවසීමේ වගකීමද උනවහන්සේ විසින් බාර ගත යුතු බවයි. එවැනි තත්ත්වයක් තුළ භික්‍ෂු ශාසනය තුළ රැුදී සිටීමද සුදුසු නොවන බැවින් ඒ පිළිබඳද තීරණයක් ගැනීමට උන්හවන්සේ සූදානම් විය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.
*පූක්කුලම කියන ගම්මානය රජයෙන් පිළිගත්ත කොටසක්. ග‍්‍රාමසේවා නිලධාරීයා මෙන්ම සමෘද්ධී, ගොවි හා දිවිනැගුම නිලධාරීන්ද මෙහි සේවයට යොදවා සිටිනවා. වනාතවිල්ලූව ප‍්‍රාදේශිය ලෙකම් කොට්ඨාශ්‍යට අයත් පූක්කුලම ගම්මානයේ ජනතාවට හිමි වී තිබෙන භූමි ප‍්‍රමාණය අක්කර හත හමාරයි. මේ වගේ පොඩි භූමියක් තුළ පවුල් 132 ක් පදිංචිව සිටිනවා. ඉතිං භූමිය තමයි සංවර්ධන කරන්න සැලසුම් කර තිබෙන්නේ. මේ ගමේ තියෙන්නේ පොල්් ගසුයි මසන් ගසුයි විතරයි. එහෙම තියෙද්දි පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා මං විල්පත්තුවේ ගස් කපනවා කියලා. එය අඛණ්ඩව පවසන්නේ ඇයිදැයි මං දන්නේ නෑ. මේ නාඩගම පිළිබඳ මං කණගාටු වෙනවා. ඒ නිසයි මං මේ අභියෝගය කරන්නේ. ඒ නිසා බාලගිරි දෝෂය අද නොවෙයි හෙට යනුවෙන් නොපවසා අදම පූක්කුලමට පැමිණ මේ අභියෝගය භාර ගන්නැයි ගෞරවයෙන් ආරාධනා කරනවා. යැයි කීවේය.

