කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ ගෙවත්තට අයුතු ලෙස ඇතුළුවී ගිනි අවි පෙන්නා තර්ජනය කොට තුවාල සිදු කිරීම හා පැහැරගෙන යාමට තැත් කළැයි සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර ඇතුළු තිදෙනකුට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඇප නියම කළේය.
රංගේ බණ්ඩාර ඇතුළු ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 5 බැගින් අමතර ශරීර ඇප හා මන්ත්‍රීවරයාගේ පුතාවන නෙරන්ජන් රංගෙ බණ්ඩාරට රුපියල් 10,000 මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් රුපියල් 20,0000 ශරීර ඇප නියම විය. අධිකරණය මග හැර විදේශගතව සිටින සැකකරුවකුට වරෙන්තු නිකුත් කෙරිණි.

