පුත්තලම - අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව තබ්බෝව ජලාශය අසළ ඔලන්කා හෝටලයට අද අලුයම වෙඩි උණ්ඩ 28 ක් පමණ වැදී ඇතැයි කරුවලගස්වැව පොලිසිය කියයි. හෝටලයේ වීදුරු දොරකට හා ශීතකරණයකට වෙඩි වැදී ඇතැයි පොලිසිය පවසයි. පොලිසිය පොලිස් නිල සුනඛ “ස්කූබ්“ ද එහි ගෙනැවිත් පරීක්ෂණ පවත්වයි.




