(ප්‍රියානි මංගලිකා)
ප්‍රවීණ රංගන ශිල්පියකු හා ප්‍රකට කලාකරුවෙකු වූ , නිකවැරටියේ පදිංචි එස්.එම්.ඉන්ද්‍රජිත් නාවින්න මහතා අද (8) නිකවැරටිය රෝහලේදී අභාවප්‍රාප්ත විය.
සිනමා පට 30 සහ ටෙලි නාට්‍ය 100 අධික සංඛ්‍යාවක රඟපා ඇති ඉන්ද්‍රජිත් නාවින්න මහතා මිය යන විට 70 වැනි වියේ පසුවිය.
තිදරු පියෙකු වන නාවින්න මහතා සිය කලා දිවියේ 40 වසරද සපුරා සිටිති .
ඒ මහතාගේ දේහය නිකවැරටිය ජයන්ති මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සිකුරාදා (10) දින සවස 3.00ට බලගොල්ලාගම පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.