බිමල් ශ්‍යාමන් ජයසිංහ
සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයන කර දෙන බව පවසා රංගන ශිල්පිනියකගෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් වංචා කළ බව කියන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයකු අද (13) අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.
රුපියල් ලක්ෂ දහයක මුදලක් වංචා කළැයි චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට විරුද්ධව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට 2017.10.28 වැනි දා කරන ලද පැමිණිල්ලට සාධාරණයක් ඉටු නොවු බව පවසමින් රංගන ශිල්පිනිය බස්නාහිර පළාත දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබිණී.
නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලද නියෝග අනුව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් සිදු කළ පරික්ෂණ වලින් පසුව සැකකාර චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා කොහුවල ඔහුගේ කාර්යාලයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.