(මනෝප‍්‍රිය ගුණසේකර)
නාවික හමුදා ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට පෞද්ගලික සංචාරයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යෑමට කොළඔ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (3) අවසර දුන්නේය.
බදාදා (4) සිට ලබන 12 වැනි දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කර පැමිණීමට යෝෂිත රාජපක්ෂ මහතාට අවසර ලබාදුන් විනිසුරුවරයා දැනට අධිකරණය බාරයේ ඇති ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය මුදා හැරීමටද නියම කළේය.
උපයාගත නොහැකි ආකාරය තහවුරු කිරීමට නොහැකි මුදලක් යොදවා කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් පුද්ගලික සමාගම (සී.එස්.එන්) පිහිටුවීමෙන් මුදල් විශුද්ධීකරණ පනත යටතේ වරදක් කර ඇතැයි කියන සිද්ධියට අදාළව විදේශ ගතවීමට තහනම් කර තිබිණි.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මුදල් විශූද්ධීකරණ පනත යටතේ යෝෂිත රාජපක්‍ෂ මහතා ඇතුලු පිරිසකට එරෙහිව කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ගොනු කොට ඇත.