දඹුල්ල නව රෝහල ඉදිකිරිම සදහා රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අයත් දඹුල්ල ජය මාවතේ පිහිටි අක්කර 05 ක භුමි භාගයක් ලබාදීමට රංගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාර මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ සිරි රාහුල නාහිමියන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පොරොන්දු වූහ.
ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා නාහිමියන් හමු වී මේ පිළිබදව සාකච්ඡා කළ අවස්ථාවේ දීය.
මෙම හමුව රංගිරි දඹුලු රජමහා විහාරයේ දී පසුගියදා පැවැත්විණි.
ප්‍රංශ රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 7000 ක මුදලක් වැය කරමින් නව රෝහල ඉදිකිරීමට නියමිතය.
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මලික රෝහලේ පවතින තදබදය සහ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා නව රෝහල ඉදිකිරිමට සෞඛ්‍ය අඅමාත්‍යවරයා තීරණය කර ඇත. ඒ අනුව මෙම නව රෝහල ඉදිකරන අතර, ඒ සදහා ඉඩමක් පරිත්‍යාග කිරීමට තමන් තීරණය කළ බව භාරකාර නාහිමියන් මෙහිදී පැවැසිය.
මෙහි මැනුම් කටයුතු ඉදිරියේ දී සිදු කරන බවත්, රෝහල කඩිනමින් ඉදි කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා නාහිමියන්ට දැනුම් දුන්නේය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම, දඹූල්ල නගාරාධිපති ජාලිය ඕපාත, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මී හේවා පතිරණ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.