යෝජනාවලියට ප්‍රතිචාර නැතිනම් මනාපය විශ්වාස භංගයට - රතන හිමි


සුජිත් හේවාජුලිගේ
 
තමන් වහන්සේ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවට හරි ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරන බව එජාප පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කියති.
 
‘‘මගේ යෝජනාවලියට අගමැතිතුමා මුලින් හොඳ ප්‍රතිචාර දැක්වුවා. නමුත් දැන් දක්වන්නේ නැහැ. සම්බන්ධන්ලා එකතු වුණාට පස්සේ එතුමාට අපි අමතක වෙන්න ඇති.  ජාතික සම්පත් විකුණන්නේ නැති, මානව හිමිකම් මුවාවෙන් හමුදාව දඩයම් කරන්නේ නැති,  ඉඩම් ගොඩ කරන්නේ නැති, විදේශීය ව්‍යාපාරිකයාට යටවී දේශීය ව්‍යාපාරිකයන් විකුණන්නේ නැති පොදු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියා මම මගේ ලිපියෙන් ඉල්ලා සිටියා.  මගේ ඉල්ලීමට නිවැරදි ප්‍රතිචාරයක් දක්වන බවක් පෙනෙන්නට නැහැ. අද ආණ්ඩුව ගමන් කරන්නේ ප්‍රතිපත්ති නැති ගමන්. ඒ ගැන දැඩි කලකිරීමක පසුවෙනවා.‘‘ යැයි ද රතන හිමියෝ කීහ.