යොහානි සල්මන් එක්ක “මැණිකේ’’ ගයයි


(යොහාන් භාසුර)

‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතයෙන් ලොවම වශීකරගත් ශ්‍රී ලංකා යොවුන් ගායිකා යොහානි ද සිල්වා, ඉන්දියාවේ ජනප්‍රියම රියැලිටි රූපවාහිනී වැඩසටහනක් වන ‘බිග්බොස්’හි ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමඟ ගයන ගීතය අද (9) රාත්‍රී 9.00 ට ඉන්දීය රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය වන බව ඇයගේ කළමනාකරු ‘ලංකාදීප’යට පැවසීය.

ඉන්දියාවට ගොස් සිටින යොහානි සහ සල්මන් ඛාන් මෙම ගීතය ඊයේ (8) පටිගත කළ බවත් මෙම අවස්ථාව යොහාන්ගේ කළා දිවියේ වඩාත් සුවිශේෂි අවස්ථාවක් වනු ඇති බවත් කළමනාකරු වැඩිදුරත් කීය.

එම ගීතය මෙම www.instagram.com/p/CUzDVmhjM70/?utm_medium=copy_link එක හරහා නැරඹිය හැකිය