යූ.එන්. නියෝජිත හනා සිගර් නී.පොලිස්පතිවරියනට සුභපතයි


නිමන්ති රණසිංහ

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක හනා සිගර් හමීඩ් මහත්මිය නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනාට සුභ පැතුම් එක්කර තිබේ.

සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් හැනා මහත්මිය මෙලෙස සුභ පැතුම් එක්කර ඇත්තේ නවක නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනා වන එල්. බී. සෙනවිරත්න, ඒ. ආර්. ජයසුන්දර සහ පත්මිනී වීරසූරිය යන මහත්මීන්ට ය.

ඔවුන්ගේ මෙම උසස් කිරීම් ඉතාමත් වැදගත් පියවරක් වන්නේ සමානාත්මතාවය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී කාන්තාවන්ගේ දායකත්වය හඳුනාගැනීම බව ද ඇය තම ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.

හිංසනය වැළැක්වීම සඳහා ප්‍රතිචාර දැක්වීමට සෑම තරාතිරකම කාන්තාවගේ පූර්ව හා ඵලදායි සහභාගිත්වය වැදගත් වන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.