
(යොහාන් භාසුර)
යුරෝපා සංගමයට අයත් රටවල් 26කට යොමු කරන සියලු තැපැල් භාණ්ඩ සඳහා නව බදු ප්‍රතිපත්ති අද (01) සිට ක්‍රියාත්මක වන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේය.
යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන ලිපි හැර සෙසු සියලුම තැපැල් භාණ්ඩ සංශෝධිත බදු ප්‍රතිපත්තිය යටත් වන බවත් තැපැල් පාරිභෝගිකයන්, අන්තර්ජාලය මඟින් අලෙවිකරන්නන් සහ අන්තර්ජාල අලෙවිසැල් යුරෝපා සංගමයේ රටවල් වෙත යොමු කරන තැපැල් භාණ්ඩවලට මෙම බදු සංශෝධනය බලපැවැත්වේ.
යූරෝ 150ට අඩු වටිනාකමකින් යුත් සියලුම තැපැල් භාණ්ඩ සඳහා යවන්නා විසින් යුරෝපා සංගමයට අයත් අදාළ රට වෙත සෘජුවම වැට් බදු ගෙවිය යුතු බවත් යූරෝ 150ට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ සඳහා අදාළ රටේ බදු ප්‍රතිපත්තියට අමතරව අනෙකුත් තීරු බදු ප්‍රතිපත්තීන්ට ද යටත් වන බැවින් තැපැල් භාණ්ඩ සඳහා වූ සියලුම බදු ගමනාන්තයේදී භාණ්ඩය ලබාගන්නා පුද්ගලයාගෙන් අය කරගන්නා බවත් තැපැල්පතිවරයා පවසයි.

