යුරෝපා ගුවන් ගමන් දිගටම


සුරිච්, මිලාන් හා රෝමය ඇතුළු යුරෝපීය ගමනාන්ත සඳහා වන ශ්‍රී ලංකන් ගුවන් ගමන් නියමිත කාල සටහන අනුව දිගටම සිදුවන බව එම සමාගම කියයි. ඉන්ධන මිල හා නඩත්තු ගාස්තු ඉහළ යාමත් සමග යුරෝපා ගමන් තාවකාලිකව නතර කිරීමට කලින් ගත් තීරණය අවලංගු කළ බවත් දැන් සුපුරුදු පරිදි මිලානෝ හා රෝමයේ ශ්‍රී ලංකන් ටිකට් කාර්යාලවලින් එරට ශ්‍රී ලාංකිකයනට හා වෙනත් අයට සිය ගමන් බිමන් සඳහා පහසුකම් සලසා ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.