යුරෝපා කොමිසම ලංකාවට අතදෙයි


හවුල්කරුවෙක් ලෙස පෙනී සිටිමින් ශ්‍රීලංකාව මුහුණදෙන ගැටලු වලට සහාය දීමට සූදානම් බව යුරෝපා සංගමය පවසයි.

ලංකාවේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීම වෙනුවෙන් සහයෝගය දීම සිය අරමුණ බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය කියයි.

පසුගියදා පැවැති මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු වල යෙදුණු යුරෝපා සංගම් නියෝජිත පිරිස ඔවුන් භාවිතාකළ වටිනා උපකරණ තොගයක්ද මෙරට සිවිල් සංවිධාන කිහිපයක් වෙත පිරිනැමූහ.

එහිදී යුරෝ 108,000 (රු.16,564,250) පමණ වටිනා පරිගණක ටැබ්ලට්,ලැප්ටොප්,දුරකතන,කාර්යාල උපකරණ ආදී භාණ්ඩ තොගයක් පිරිනැමිණ.