යුරෝපයේ පැරණිම පන්සල බර්ලින්


යුරෝපයේ පැර‚ම බෞද්ධ විහාරස්ථානය පිහිටා ඇත්තේ ජර්මනියේ බර්ලින් නුවරයි. පළමු ලෝක යුද්ධයෙන් පසු බටහිර ජර්මනියේ බර්ලින් නුවරට අයත් භූමි ප්‍රදේශයක ජර්මන් ජාතික වෛද්‍ය පෝල් ඩාල්කේ මහතා විසින් මෙම බෞද්ධ විහාරස්ථානය 1924 ඉදිකැරිණි. ඉන්පසු 1952 දි ජර්මනියේ විසූ ශ්‍රී ලාංකික ව්‍යාපාරික අශෝක වීරරත්න මහතාගේ මුලිකත්වයෙන් මෙම විහාරස්ථානය ශ්‍රී ලංකාව ප්‍රමුඛ බෞද්ධ ජනයා සතු කර ගත් අතර 1957 සිට අද දක්වා ශ්‍රී ලාංකික භික්ෂුහු  මෙහි ආගමික කටයුතු වල නිරතවෙති.

 වර්ෂ ගණනක් ඉතා පැර‚ විහාරස්ථානය කාලයක් ප්‍රතිසංස්කරනය නොකළ බැවින් ජර්මන් රජයේ මුල්‍ය දායකත්වයෙන් මේ දිනවල ප්‍රතිසංස්කරන කටයුතු සිදු කැරෙයි.   ශ්‍රී ලාංකික, ජර්මන්, තායි, කාම්බෝජ්, ලාඕස් ජාතිකයන් වෙනුවෙන් ආගමික හා සමාඡික සේවාවන් සමග දරුවන් උදෙසා නිරන්තරයෙන් වැඩමුළු පැවැත්වේ.

 ජර්මන් ධර්ම දුත සංගමයෙන් විහාරස්ථානයේ පාරිපාලන කටයුතු සිදුකරන අතර තිස්ස වීරරත්න මහතා කළමනාකරුය.

 දික්වැල්ලේ සීලසුමණ හිමි හා  කෝන්ගස්පිටියේ ශාන්තරක්ඛිත යන හිමිවරුය.

01(55) 20141205_130127 20141217_125311 Eingang_klein