එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික ජාත්‍යයන්තර සංවිධානය වන යුනේස්කෝ ආයතනයේ 1972දී ගිවිසුම් ගත කල ලෝක උරුමයන් රැකීමේ ගිවිසුමට අනුකූලව පැවැත්වෙන මහා සභා රැස්වීම් මාලාවේ 19වන මහා සභා රැස්වීම රටවල් 190ක නිත්‍ය නියෝඡිතයන්ගේ සහභාගිත්වයෙන් නොවැම්බර් මස 19 සිට 21 දක්වා ප්‍රංශයේ අගනුවර පැරීසියේ පිහිටි යුනේස්කෝ මුලස්ථානයේදි ඇරඹුණේය. එහි ප්‍රධාන සභාපති ධුරයට ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයෙක් අසුන් ගැනීම මෙවර විශේෂ අවස්ථාවක් වුයේය.
ඒ අනුව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති හා යුනේස්කෝ ආයතනයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝඡිත මහචාœය කරුනාරත්න හඟවත්ත මහතා මෙවර මහා සභාවේ සභාපති තනතුරට තෝරා පත්කර ගනු ලැබුවේය. ආසියා පැසිෆික් කළාපයේ සභාපති ප්‍රංශයේ ඉරාන තානාපති මොහෝමඩ් රෙෂා මජීඩි මහතා හා 77 හා චීන කන්ඩායමේ සභාපති ප්‍රංශයේ නිකරගුවා තානාපති මුරුසියෝ ලොටෝරො සැන්ඩිනෝ මොන්තේ මහත්වරුන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් පත්කර ගත් නව ශ්‍රී ලාංකික සභාපති තුමාගේ පත්වීමට ලෝක උරුමයන් පිලිබඳ විධායක කමිටුවේ හිටපු සභාපති ප්‍රංශයේ රුසියා තානාපති එලිඕනාරා මිට්රාෆනෝවා මහතාගේ සහායද ලැබුණේය.

