(රොමේෂ් මධුෂංඛ)
යුද්දය අවසන් වී වසර 9 ක් ගෙවීම නිමිත්තෙන් අවසන් යුද බිම වූ මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුද ස්මාරකය අසලදී යුද්දයෙන් මියගිය වැසියන් සිහිකිරීමේ උත්සවය වෙනුවෙන් සියල්ල සූදානම් බවට යාපනය ශිෂ්‍ය සංගමය පවසයි.
මේ බව කියා සිටින්නේ මේ දිනවල මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි මියගිය වැසියන් වෙනුවෙන් ආශිර්වාද සෙත් ශාන්ති පමුණුවන ස්මාරකය අසල හා අවට ප්‍රදේශය සුද්ද පවිත්‍ර කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
යුද්දය අවසන් වී වසර 08 මේ වන විට ගෙවී අවසන් වී ඇති අතර මේ මස 18 වැනි දාට වසර 09 ක් පිරෙන අතර ඒ නිමිත්තෙන් උතුරේ සියලුම දේශපාලන පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ මෙන්ම යුද්දයෙන් මියගිය අයගේ ඥාතීන්ගේද සහභාගීත්වයෙන් මුල්ලි වයික්කාල්හි මියගිය සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ඉදිකර ඇති කුඩා ස්මාරකය ඉදිරියේදී විශේෂ ආගමික වාතවත් කරමින් මියගිය වැසියන් වෙනුවෙන් පුද පූජාවන් පවත්වනු ලබයි.