යුද්ධය නැතිවත් සෙබළු දෙන්නෙක් මැරෙති
මුලතිව්හි 59 බළසේනා මූලස්ථානයේ ආරක්ෂක සෙබළු දෙදෙනකු වෙඩිවැදී මරුමුවට පත්වූ බව යුද හමුදා ආරංචි කියයි. ඒ දෙන්නා අතර ප‍්‍රශ්නයක් නිසා එක් අයකු අනෙකාට වෙඩි තබා තමාට ද වෙඩි තබා ගන්නට ඇතැයි සැක කැරේ. ඔවුහු මිද්දෙණියේ හා පානදුරයේ පදිංචිකරුවෝ වෙති.

