යුදගනාවේදී විදේශිකයෝ 4 ක් සැකපිට අත්අඩංගුවට


(චාපා මධුභාෂිණී)

මැදිරිගිරිය පොලිස් නිලධාරීන් විසින් යුදගනාව වයි හන්දිය මර්ග බාදකයේදී සැක සහිත වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී බංගලාදේශ පුද්ගලයින් හතර දෙනෙකු සහ ලාංකික පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකටයුතු ලෙස හිඟුරක්ගොඩ ප්‍රදේශයේ සිට මැදිරිගිරිය බලා ධාවනය වූ මෙම වෑන් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී වයර් තොගයක් සහ විදුලි පරිතයක් තිබී හමුවී ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී අණාවරණය වී ඇත්තේ මොවුන් මැදිරිගිරිය ප්‍රදේශයේ දුරකතන කුලුණු අළුත්වැඩියාවක් සඳහා පැමිණ ඇති බවයි.

බංගලාදේශයේ සිට මෙරටට පැමිණ විදේශිකයන්ට ගමන් බලපත්‍ර තිබී ඇති අතර දැනට රටේ පවතින ආරක්ෂක හේතූන් මත මොවුන්ට මෙම දුරකතන කුළුණු අළුත්වැඩියා කිරීමට ආරක්ෂක අමාත්‍යශයෙන් හෝ වෙනත් ආයතනයකින් කිසිඳු අවසර පත්‍රයක් ලබා නොදී ඇති බවට තහවුරු වීමත් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.