(ඩී.කේ.රත්න)
විදේශ රටවල සිට පැමිණෙන මගී ජනතාව නිරෝධායනය කිරීම සඳහා දියතලාව යුද හමුදා කඳවුරේ පිහිටි යුද හමුදා සංචාරක නිවාස 12 ක් අද (17) සිට නිරෝධායන කටයුතු වෙනුවෙන් ලබාදී ඇතැයි පොලිසිය පැවසීය.
මේ වන විට විදෙස්ගතව සිට පැමිණෙන පිරිස් වැඩිවීම හේතුවෙන් එම පිරිස් පහසුකම් සහිතව නතර කිරීම සඳහා මෙම යුද හමුදා සංචාරක නිවාස ලබාදී තිබේ.
මෙම සංචාරක නිවාස 12 ම මේ වන විට නිරෝධායන කටයුතු වෙනුවෙන් සූදානම් කර තිබෙන අතර කටුනායක ගුවන්තොටුපළේ සිට දියතලාවට රැගෙන එන පිරිස් සදහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි දියතලාව යුද හමුදා කඳවුරේ උසස් නිලධාරියෙක් පැවසීය.

