(ගයාන් සූරියආරච්චි)
76 වන ජාතික නිදහස් දින සංවත්සරය වෙනුවෙන් යුද හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවල නිලධාරීන් 211 දෙනෙකුට සහ සෙසු නිලධාරීන් 1239 දෙනෙකුට උසස්වීම් ලබාදී ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා පවසයි.
සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශ මත මෙම උසස්වීම් ලබාදී තිබේ.

