(ඉන්දිකා රාමනායක)
යුද හමුදාව හැරගොස් සිටින හමුදා සාමාජිකයන්ට හමුදාවට බාර වී නීත්‍යානුකූලව ඉවත් වීම සදහා ප‍්‍රකාශයට පත්කර ඇති පොදු සමාකාලය තුළ හමුදාව හැරගොස් සිටි 5412 දෙනකු සිය රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත බාර වු බව හමුදාව කියයි.
මෙම පිරිස අතර යුද හමුදා නිලධාරීන් හය දෙනකු, කැඩෙට් නිලධාරීන් හය දෙනකු හා සෙසු නිලයන් 5400 දෙනකු සිටින බව හමුදා ප‍්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා පැවසීය.
සැප්තැම්බර් මස 23 වැනි දා සිට මේ මස 15 වැනි දා දක්වා දින 24 ක පොදු සමා කාලයක් ප‍්‍රකාශයට පත්කර තිබුණි.
මෙම සියලූ දෙනාගේ නීත්‍යානුකූල අස්වීමේ කටයුතු සිදුකරමින් පවතින බවද හමුදා ප‍්‍රකාශකවරයා පැවසීය.
යුද හමුදාවේ 68 වැනි සංවත්සරයට සමගාමීව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් මෙම පොදු සමාකාලය ප‍්‍රකාශයට පත්කරනු ලැබ තිබුණි.
මෙම පොදු සමාකාලය උපරිම ප‍්‍රයෝජනයට ගෙන හමුදා සේවය හැරගොස් සිටින සියලූ දෙනා හමුදාවට බාර වී හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වන ලෙසට හමුදාව ප‍්‍රකාශකවරයා ඉල්ලා සිටියි.

