මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාපති හා යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියාට ලබන 30 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද (19) නොතීසි නිකුත් කළේය.
එක්නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති සාක්කි විභාගයට හමුදාපති හා හමුදා බුද්ධි අංශ ප්‍රධානී සාක්කිකරුවන් ලෙස කැඳවීමට ද අභියාචනාධිකරණය හෝමාගමට මහේස්ත්‍රාත් අධිකරණයට අවසර ලබා දුන්නේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා එලෙස නියෝගය නිකුත් කළේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ගොනු කැරුණු මෝසමක් සලකා බලමිනි.

