(සිරාජ් හසීම්)
යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට ලබන ජනවාරි 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා අද (15) නියෝග කලේය.
1996 වසරේ ජූලි 19 වැනි දින යාපනය නාවක්කුලි ප්‍රදේශයේදී යුද හමුදාවෙන් අත්අඩංගුවට ගත් දෙමළ තරුණයින් 24 දෙනෙකු අතුරුදහන් වූ බව කියන සිද්ධියේ නඩු විභාගය අද (15) මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ විභාගයට ගැණිනි.
මෙම 24 දෙනා අතරින් 12 දෙනෙකුගේ අතුරුදහන් වීම් පිළිබඳ ගොනුකර තිබූ පෙත්සමේ නඩුව යාපනය මහාධිකරණයේදී පසුගිය 9 වැනිදා සිට විභාගයට ගැණුනේ නීතිපතිවරයා නම්කල විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිවය.
2002 වසරේදී යාපනය මහාධිකරණය හමුවේ ගොනුකල මෙම පෙත්සමේ මූලික විභාගය චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග කර අවසන් කිරීමෙන් පසු පසුගිය සතියේ සිට මහාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ විය.
මෙම නඩුව සඳහා නීතිපතිවරයා විත්තිකරුවන් තිදෙනෙකු නම් කර ඇති අතර එම නඩුවේ වැඩිදුර විභාගය සඳහා හමුදාපතිවරයා හට නොතීසි නිකුත් කර ඇත.
මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන ජනවාරි 18 වැනිදාට කල්දැමූ විනිසුරුවරයා මෙදිනට හමුදාපතිවරයා අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු යැයි නියෝග කලහ.
මෙම නඩුව ලබන ජනවාරි 28 වැනිදා යලි කැදවීමට නියමිතය.

