ටෝනි කරුණානායක
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඒ මහතාගේ බිරිඳට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී නොසිටි යුද හමුදා මේජර්වරයා අත්අඩංගුවට ගන්නැයි ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා වරෙන්තු නිකුත් කළේය.
එලෙස වරෙන්තු නිකුත් කෙරුණේ එම නඩුවේ දෙවැනි සැකකරු වන බුලත්වත්ත වලව්වේ දිසානායක මුදියන්සේ රාලහාමිලාගේ ප්‍රභාත් සීවලී බණ්ඩාරනායක දිසානායක බුලත්වත්ත නමැති යුද හමුදා මේජර්වරයා අත්අඩංගුවට ගැනීම සඳහාය.
ඇප මත සිටින එම නඩුවේ සෙසු සැකකරුවන් වන ප්‍රේම් ආනන්ද උදලාගම, හේමචන්ද්‍ර පෙරේරා, ප්‍රභාත් දුමින්ද වීරරත්න, ඒ එච් ඒ ලසන්ත විමලවීර, එච් එම් නිශාන්ත ජයතිලක සහ එම් ආර් නිශාන්ත කුමාර යන සැකකාර හමුදා සාමාජිකයන් හය දෙනා අද අධිකරණයේ හමුවේ පෙනී සිටි අතර ජූලි මස 20 වැනි දාට යළි අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුවන්ට නියම කැරිණි.
2009 වර්ෂයේ ජනවාරි 23 වැනි දා ගම්පහ ඉඹුල්ගොඩදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට හා බිරියට පහර දී තුවාල සිදුකර තිබිණි.