(ඉන්දිකා රාමනායක)
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මේජර් ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇති බව යුද හමුදාව කියයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද (9) මෙම පත්වීම සිදුකර ඇත.
බදවා ගැනීමේ පාඨාමාලා අංක 19 යටතේ 1984 මාර්තු මස 05 වැනි දින යුද හමුදාවට එක්ව ඇති ඒ මහතා 1985 නොවැම්බර් මස 16 දින අධිකාරියට පත්ව ඇත.
ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා වන්නි මානුෂීය මෙහෙයුමේදී 58 වැනි සේනාංකයට අණදෙමින් ත්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂීය මෙහෙයක් ඉටුකළ දක්ෂ නිලධාරියෙකි.
ඒ මහතා වීරවික්‍රම විභූෂණය, රණවික්‍රම, රණශූර, උත්තම සේවා ඇතුලු පදක්කම් රැසකින් ද පිදුම් ලබා ඇත.