යුද සැමරුම ගැන සොයා බලන්න උතුරේ මහ ඇමති යයි


(රොමේෂ් මධුෂංඛ)
 
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුම හෙට දිනයේදී සැමරීමට සියල්ල සූදානම් කර තිබියදී පුනරුත්තාපනය වූ  හිටපු එල්.ටී.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂ සාමාජිකයින් පිරිසක් අද (17) මිය ගිය ඥාතීන් පිරිසක් සිහිපත් කළහ.

 
වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර පිහිටි යුද සැමරුම් ස්මාර්කය අසලදී ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂ සාමාජිකයින් පහන් දල්වා මිය ගිය ඥාතී හිතමිතුරන් සමරනු ලැබුවේ හෙට දිනයේදී පැවැත්වීමට තිබෙන ප්‍රධාන සැමරුමට පෙරාතුවය.
 
මේ අනුව වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුමට අවශ්‍ය සැරසිලි කටයුතු යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සිදු කරන අතර අදාල සැරසිලි කටයුතු නිරීක්ෂණය සඳහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාද පැමිණ විශ්ව විද්‍යාල සිසුන් සමඟ සාකච්ඡාවකද නිරත වුහ.