යුද සමයේ මිය ගිය අය සැමරුම් ත්‍රිකුණාමලයේත්


අමදෝරු අමරජීව 

 
මුලතිව් -  වෙල්ලමුල්ලි වයික්කාල්  අවසන් සටනේදි මියගිය අයවලුන්  සිහි කිරිමේ උත්සව කහිපයක්  අද (18) පස්වරුවේ ත්‍රිකුණාමලයේ විවිධ ස්ථානවල පැවැත්විනි.

 
අවසන් සටනේදි මියගිය දෙමළ වැසියන් සමරා  එක් උත්සවයක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතාගේ ප්‍රධානත්වයෙන්  විදුලිබලාගාර මාවතේ පිහිටි විශ්ව නාද ස්වාමි සිවන් කෝවිල අභියසදි පැවැත්විනි. එම අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  කේ.තුරෙයිරත්නසිංහම්  මහතා ඇතුලු දෙමළ සන්ධාන නගර සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ ඥාතින් එක්වුහ.
 
මේ අතර වෙල්ලමුල්ලි වයික්කාල් අවසන් සටනේදි මියගිය හමුදා සාමාජිකයන්  සිහිකර ත්‍රිකුණාමලය නගරයේ ඔරලෝසු කණුව  වටා පහන් දැල්වීමක්ද සිදුකළේය.
 
මරතඩිය වට රවුමේ හමුදා සාමාජිකයන්  සිහිකර පහන් දල්වනු ලැබීය.ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ ඔරලෝසු කණුව වටා  පහන් දැල්වීමට තොග මාලු වෙළඳපොල ව්‍යාපාරිකයෝ එක්වි සිටියහ.