යුද සමයේ අතුරුදන් වු 280 ක නම් ලැයිස්තුවක්



ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී අතුරුදන් වූවා යැයි කියන පුද්ගලයින් 280 ක ගේ නම් ලැයිස්තුවක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන දකුණු අප‍්‍රිකාවේ ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණත්වය පිළිබඳ ව්‍යාපෘතිය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇතැයි ටැමිල් ගාඩියන් වෙබ් අබවිය අද (18)  වාර්තා කළේය.


2009 දී මෙරට පැවති සිවිල් යුද්ධයේ අවසන් දින කිහිපයේදී මෙම පුද්ගලයින් අතුරුදන් වී ඇතැයි පැවසෙන අතර ඉන් 29 දෙනෙකුම කුඩා දරුවන් බවද ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණත්වය පිළිබඳ ව්‍යාපෘතිය විසින් හෙළිදරව්ව කර තිබේ.


ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණත්වය පිළිබඳ ව්‍යාපෘතිය වෙබ් අඩවිය මඟින් මෙම 280 දෙනා ගේ නම් ඉංග‍්‍රීසි සහ දෙමළ භාෂා වලින් ප‍්‍රසිද්ධිය පත් කර ඇති බවද ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ සඳහන් කර ඇත.


මෙම පිරිස් බලහත්කාරයෙන් අතුරුදන් කර ඇතැයි  සත්‍ය හා සාධාරණත්වය පිළිබඳ ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා සඳහන් කරන බවද ටැමිල් ගාඩියන් වෙබ් වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.


එම සිවිල් යුද්ධයේ අවසන් යුද්ධයේදී මෙවැනි බරපතල සිද්ධීන් ගණනාවක්ම සිදු වූ ඇති බවත් මේවා සියැසින් දුටු පිරිස් සිටින හෙයින් ඊට වගකිවයුතු නිලධාරීන්ගේ වහා ප‍්‍රශ්න කළ යුතු බවද ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණත්වය පිළිබඳ ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකාව කියා සිටින්නීය.


මේවා ගැන වහා විමර්ශනය කළ යුතු බවට තම ව්‍යාපෘතිය විසින් ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට මේ වන විට ලිඛිත දන්වා ඇති බවත් ඔවුන් මේ දිනවල විමර්ශන ආරම්භ කර ඇති හෙයින් තම ව්‍යාපෘති විසින් හෙළි කරනු ලැබූ 280දෙනාගේ අතුරුදන්වීම් වලට අදාළව පරීක්ෂණ ආරම්භ කළ යුතු බවද යැස්මින් සූකා මහත්මිය කියා සිටින්නීය.


(125)