වසර 23 කට පමණ පෙර උතුරු සටන් බිමේදී දිවි පිදූ අසහාය සෙබළ ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණානුස්මරණය ලබන අගෝස්තු 8 වැනි දින අනුරාධපුර රෝහල් වටරවුමේදී පැවැත්වීමට නියමිතය.
යුද්ධයටද නිවැරදි නායකත්වය දෙමින් උතුරු වැසියන්ගේ සිත්ද දිනා ගනිමින් ජනප්‍රිය පුද්ගලයකුවූ කොබ්බෑකඩුව මහතා යාපන අරාලි තුඩුවේදී 1992 අගෝස්තු 8 වැනිදා පෙරවරු 10.08 ට පමණ දැයෙන් සමුගත්තේ තවත් රණවිරුවන් කිහිප දෙනකුද සමගය.
අනුරාධපුර ලංකාරාමයේදී සාංඝික දානයක්ද තන්තිරිමලේ අඩු ආදායම් පවුල් සඳහා ආහාර ද්‍රව්‍යයද බෙදා දෙන මේ පිංකම ලලී කොබ්බෑකඩුව මහත්මියගේ මෙහෙයවීමෙන් සිදු කෙරේ.


