(ඩයනා උදයංගනී)
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර 30 අවුරුදු යුද්ධය නිමාවට පත් කරමින් ශ්‍රී ලංකාව ලබාගත් යුද ජයග්‍රහණයේ 12 වැනි සංවත්සරය අද (18) ට යෙදී ඇත.
කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේදී 2009 වසරේ මැයි 18 වැනිදා මරණයට පත්වීමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත්විය.
ත්‍රස්තවාදයට එරෙහි සටනේදී දහස් රණවිරුවන් දහස් ගණනක් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ අතර තවත් දහස් ගණනක් ආබාධිත තත්වයට පත්විය.
යුද්ධයේදී දිවි පූජා කළ හා තුවාල ලැබූ රණවිරුවන් සිහි කිරීමේ රණවිරු සැමරුම් දිනය හෙට (19) ට යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් සංවිධානය කරන සැමරුම් උත්සවයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අසල දී හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මෙවර රණවිරු සැමරුම පැවැත්වීමට කටයුතු යොදා ඇත. වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එවක ජනාධිපතිවරයා ලෙස යුද ජයග්‍රහණයට නායකත්වය දුන් අතර වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධය සමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස යුද ජයගහණයට උර දුන්නේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යුද ජයග්‍රහණයේ 12 වැනි සැමරුම නිමිත්තෙන් පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් ද කළේය.

