( සිතුම් චතුරංග)
යුද අපරාධ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සලය විසින් මෙරට ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් දෙමුහුන් අධිකරණ ක‍්‍රියාවලිය තුලින් යුද අපරාධ කරුවන්ට දඬුවම් ලබාදිය යුතු බවට යාපනය ජනතාව දැණුවත් කරමින් අද (12) යාපනය විශ්ව විද්‍යාල සිසුන් පාගමනක නිරතවිය.
යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ආරම්භ කළ මෙම පාගමන සඳහා ඊලාම් සිතියම් සහිත පෝස්ටර , ජිනීවා යෝජනා සම්බන්ධ දැනුවත් කිරීමේ පෝස්ටර සහ යුද අපරාධ සම්බන්ධ සිතුවම් සහිත රථවාහන සහ වෙල්ලමුල්ලිවෙයික්කාල් හි මියගිය පිරිස සිහිකිරීම සඳහා යාපනය විශ්ව විද්‍යාලය තුළ නිර්මාණය කර ඇති සැමරුම් ස්මාරකයෙහි අනුරුවක්ද රථයක සකස්කොට රැගෙනයාමද විශ්ව විද්‍යාල සිසුන් විසින් සිදුකරනු ලැබීය.
” උදුරාගන්න යන මව්බිම රැකගැනීම අපගේ යුතුකමයි ” ”උතුරු නැගෙනහිර යනු දෙමළ ජනතාවගේ දේශයයි ” යනුවෙන් විවිද වදන් සහිත පෝස්ටරද ප‍්‍රදර්ශනය කොට තිබිණ.
පාගමනට සමගාමීව යාපනය විශ්ව විද්‍යාලය තුල සහ යාපනයේ විවිද ස්ථානයන් හි ජිනීවා යෝජනා සහ යුද අපරාධ සම්බන්ධයෙන් දැණුවත් කිරීමේ පෝස්ටර අලවා තිබුණි.
යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් පැවසූයේ යුද සමයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් මෙරට ආණ්ඩුව විසින් සිදුකරන ක‍්‍රියාවලිය හා පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර ජනතාවට කිසිදු විශ්වාසයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීම් අවශ්‍ය බවයි.
යුද සමයේ සිදුවූ යද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ජත්‍යන්තර මානව හිමිකම් කවුන්සලය මෙරටට ලබාදුන් කාලය නිසි ප‍්‍රයෝජනයට ගෙන පරීක්ෂණ නොපැවැත්වූ බවද කියා සිටියේය.
යුද අපරාධ සම්බන්ධයෙන් දෙමුහුන් අධිකරණයක් පිහිටුවා ජාත්‍යන්තර පරීක්ෂණ සිදුකොට අපරාධකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලීම්කරමින් ලබන 16 වැනිදා යාපනය නගරයේ දැවැන්ත විරෝධතාවයක් සිසුන් විසින් සංවිධානය කරන බවත් ඒ සඳහා ජනතාව දැණුවත් කිරීම මින් අරමුණ බවද වැඩිදුරටත් පැවසීය.
විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්භ කළ පා ගමන 16 වැනිදා දක්වා යාපනය ප‍්‍රදේශය පුරා සංචාරය කිරීමට නියමිතය.




