යුක්තිය මෙහෙයුමට තව 910ක් මාට්ටු


(ගයාන් සූරියආරච්චි)

යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ (21) සහ අද (22) දිනට ගතවූ පැය 24 ට සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී සැකකරුවන් 910 ක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝ 65 ක් ග්‍රෑම් 300 ක්, අයිස් ග්‍රෑම් 136 ක්, ගංජා කිලෝ 12 ක් සහ ග්‍රෑම් 600 ක්, මත්පෙති 254ක්, මදන මෝදක ග්‍රෑම් 157 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 676 දෙනා අතරින් සැකකරුවන් 17 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකෙරේ.ෙ

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 19 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 234 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 35 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 191 ක්ද සිටින බව එම අමාත්‍යංශය පවසයි.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවෙකු සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 07 දෙනකු ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත.