යාල වනෝද්‍යානයේ සංචාරය කළ සෆාරි රථයකට අලියකුගෙන් එල්ලවු ප්‍රහාරයකින් අද දින (28) ස්වීඩන් ජාතික කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි.
වනෝද්‍යානය තුළ මග පෙන්වන්නකු වන ජෝසප් සුනිල් ප්‍රනාන්දු මහතා තිස්සමහාරාම පොලිසියට කළ පැමිණිල්ලක් කර ඇති බවත් ස්වීඩන් ජාතික යුවළක් වුනගේ දරුවාද සමග සෆාරි රථයෙන් උදැසන 7.00 ට පමන යාල වනෝද්‍යානය තුල සංචාරය කරන අතර තුරදී යාල වනෝද්‍යානයේ ගැමුණු නම් අලියා සෆාරි රථයට පහර දීමට පැමිණි අවස්ථාවේ රථය පිටුපසට ගන්නා අවස්ථාවේදී ඇති වු ගැස්සීමකින් එම කාන්තාවගේ කොන්දේ ආබාධයක් ඇතිවී ඇතැයි කියති.
අද පෙරවරුවේ චීන ජාතික කාන්තාවක්ද යාල වනෝද්‍යානයේදී අසනීප වී ඇතැයි කියති.

