මහව - වව්නියාව දුම්රිය මාර්ගයේ නවීකරණයද පොල්ගහවෙල - මහව ද්විත්ව මාර්ගය ඉදිකිරීමේ ඇති සැලසුම්ද කඩිනම් කරන ලෙස ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දුම්රිය බලධාරීන්ට උපදෙස් දුන්නේය.
යුද සමයේ දී විනාශ වූ උතුරු දුම්රිය මාර්ගය ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු පසුගිය වසරේ යළි විවෘත කළත් මහව මංසන්ධියේ සිට වව්නියාව දක්වා පවතින දුෂ්කරතා හේතුවෙන් නිසි ලෙස දුම්රිය ධාවනය නොවන බැවින් නවීකරණය කරන ලෙස ඇමති ඔවුන්ට දැනුම් දී ඇත.
එවිට යාන ගමනට ගතවන කාලය පැයකින් පමණ අඩුවනු ඇතැයි ඇමතිවරයා පැවසීය.
අඩුපාඩු සොයාබැලීම සඳහා ඇමැති කොටුව සිට යාපනය දක්වා යාල් දේවී ගියේය.





