(නිමල කොඩිතුවක්කු)
යාල ජාතික වනෝද්‍යානයට පැමිණෙන සංචාරක රථ වාහන සංඛ්‍යාව දිනකට 450 දක්වා සීමා කිරීමට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව එක් සංචාරක කාල සීමාවකට පලටුපාන පිවිසුමෙන් වාහන 100ක්ද කටගමුව පිවිසුමෙන් වාහන 50ක්ද වන ලෙස උදෑසන 6.00 සිට පෙරවරු 10.00 දක්වාත්, පෙරවරු 10.00 සිට පස්වරු 2.00දක්වාත් පස්වරු 2.00 සිට පස්වරු 6.00 දක්වාත් කාල සීමාවන් 03ක් සදහා මෙම රථවාහන වනෝද්‍යානය තුළට ඇතුළත් කරනු ලැබේ..
බලපත‍්‍ර නිකුත් කරනු ලබන වේලාවල්ද සීමාකර ඇති අතර උදෑසන 5.30 සිට පෙරවරු 7.00 දක්වාත් පෙරවරු 9.30 සිට පෙරවරු 11.00 දක්වාත් පස්වරු 1.30 සිට පස්වරු 3.00 දක්වාත් පමණක් බලපත‍්‍ර නිකුත් කරනු ලැබේ.
සංචාරකයන්ගේ පැමිණීමෙන් සතුන් හා පරිසර පද්ධතියට ඇතිවන බලපෑම් කළමනාකරණය කිරීම සදහා විද්වත් කමිටුවක් මගින් කළ නිර්දේශ මත යාල ජාතික වනෝද්‍යානය සැප්තැම්බර් පළමු වැනිදා සිට නොවැම්බර් පළමු වැනිදා දක්වා මාස දෙකක කාලයක් සඳහා වසා දැමීමට පියවර ගත්තද අමාත්‍යවරයාගේ නිර්දේශ මත වනෝද්‍යානය මහජනතාව සදහා විවෘත කරන ලදී.

