යාල සතුන්ට වතුර නෑ


සිවු මාසයක් තිස්සේ රුහුණේ පවතින නියඟයෙන් යාල ජාතික වනෝද්‍යානයේ සත්තු ද වතුර නැතිව අමාරුවේ වැටී සිටිති. වැව් පොකුණු සියල්ලම සිඳී යයි. පාරේ වළක ඇති සොච්චම් මඩ වතුර ටික උරාගන්නට මුව රැලක් ඇදී ආහ.