යාල වෙඩි තැබීමට වනජීවියෙනුත් ප්‍රශ්න කරයි


යාල වනෝද්‍යානයේ දී දඩයක් කරුවන් හා වනජීවි අතර වෙඩි හුවමාරුවෙන් පසු ව දඩයක්කරුවන් සතුව තිබූ මුව වස් ඇතුළු සතුනගේ මස් තොගයක් ගිනි අවි ද සමග තවත් සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව වනජීවි වැටලීම් අංශය කියයි.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම වැටලීමට සම්බන්ධ වූ වනජීවියේ තිදෙනකුගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග කියයි. මෙම වෙඩි හුවමාරුවෙන් මියගොස් ඇත්තේ වැඩහිටිකන්ද ප්‍රදේශයේ පදිංචි බව කියන ශාන්ත ලක්මාල් (34)  නමැති තිදරු පියෙකි.