යාල වළහා උගුලෙන් බේරා ගනී


දඩයක්කරුවකුගේ උගුලකට හසු වූ වලසකුගේ ජීවිතය බේරා ගැනීමට යාල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් හා පශු වෛද්‍ය කණ්ඩායමක් අද සමත්විය.

 තමන්ගේ හේනේ විශාල ගසක් උඩ කම්බි උගුලක් සමග දඟලමින් සිටි වළසා දුටු සිතුල්පව්වේ බැබව අලිවල කේ එම් ජයවර්ධන මහතා ඒ බව වනජීවී නිලධරයන්ට දැනුම් දුන්නේය.

නිර්වින්දනය කළ වළහා අඩි 30ක් පමණ උස ගසෙන් පහළට ගැනීමට වනජීවී නිලධරයන් දැඩි වෙහෙසක් දැරූ බව ප්‍රදේශවාසීහු කියති.