යාල මහ වනේ කෝටියක කංසා වනසයි


යාල ජාතික වනෝද්‍යානයේ අංක හතර කොටසේ මහ වනයේ කංසා හේනත් වටලා රුපියල් කෝටියක පමණ වීදි වටිනා කමක් ඇති කංසා තොගයක් පුළුස්සා සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගෝනගංආර පොලිසිය කියයි.

මුරට තුවක්කුකරුවන් යොදවා වන අලින් ඇති වන සතුන් බහුල පෙදෙසක කංසා වගා කර තිබිණි.

බුත්තල කතරගම මාර්ගයේ ගල්ගේ 47 කණුවේ සිට මහ වනාත්තරයේ මෙම වගාව කර ඇත.

අඩි හතක් අටක් උසට කංසා වැවී තිබිණි.

ලුහුබැද ගොස් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් කතරගම ගෝතමී ගම පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.