යාල ජාතික වනෝදයානයේ කලාප අංක එක කොටසේ දී පසුගිය අගෝස්තු 28 දින මිය ගොස් සිටි දිවියා සම්බන්ධව යම් තොරතුරක් දන්නේ නම් එම තොරතුරු ලබා දෙන අයෙකුට රුපියල් 25000 ක් පිරිනැමීමට කටයුතු කර ඇති බව සමස්ත ලංකා වනජීවි නියාමක නිළධාරීන්ගේ සංගමයේ සභාපති එම් .අයි ඩබ් පීරිස් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
යාල ජාතික වනෝද්‍යානය වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව යටතේ පවතින මෙරට ප්‍රධාන ජාතික උද්‍යානයක් වන නිසා මෙහි වෙසෙන වන සතුන් ආරක්ෂා කර ගැනීම වගකීමක් වන හෙයින් ජීප් රථ ගමන් කරන මාර්ගයේ දී දිවියා මිය ගොස් සිටියේ දිවා කාලයේ ගමන් ගත් ජීප් රථයකට අසු විමෙන්ද, එසේ නැතිනම් පෙර දින රාත්‍රී ගමන් කළ වාහනයකටදැයි සොයා බලා වරද කල අයට නීතියෙන් උපරිම දඩුවම් ලබා දීමට පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.
දිවියාගේ මරණය සම්බන්ධව වහා පරීක්ෂණයක් සිදු කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර ඇති අතර ඒ සඳහා පරීක්ෂණ කණ්ඩායමක්ද පසුගියදා යාල වනෝද්‍යානයට පැමිණ තිබේ.
මේ සම්බන්ධව තොරතුරු දන්නා අය පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙසට සංගමයේ සභාපති වරයා ඉල්ලා සිටී. සභාපති 0716868303 ලේකම් 0718114492 භාණ්ඩාගාරික 0714227223 වේ.

