යාල වනෝද්‍යානය තුළ ජංගම දුරකථන සබඳතා සීමා කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
සංචාරකයන් හා සේවා සපයන්නන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වනජීවීන් මුහුණ දෙන විවිධ දුෂ්කරතා පිළිබඳ සැලකිල්ට ගෙන මෙම සීමා කිරීම සිදුකරන බව එම දෙපාර්තමේන්තුව කියයි.
කොටියන්, අලින්, වලසුන් වැනි සතුන් අසවල් තැන සිටිතියි සෆාරි රියදුරන් ඇතුළු පිරිස් ජංගම දුරකථනවලින් සන්නිවේදනය කිරීමෙන් යාල පාලකයනට පමණක් නොව සතුන්ටත් මහජනයාටත් ගැටළු රැසක් පැන නැගී ඇත.

