යාල අභයභූමියට දෛනිකව ඇතුල් කරන සෆාරි ජිප් රථ සංඛ්‍යාව 600 දක්වා වැඩි කිරීමට රජයේ එකඟතාව පළ වී තිබේ.
පසුගිය නිවාඩු දිනවලදී යාල අභයභූමියට දෛනිකව ඇතුළත් කරන ජිප් රථ සංඛ්‍යාව සීමා කර තිබීම නිසා සංචාරකයන් රැසක් අපහසුතාවට පත් වූයේ යැයි සඳහන් කරමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අදාළ පාර්ශවවලින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි ඉල්ලා තිබිණි.
මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
ඒ අනුව දැනට යාල අභයභූමියට ඇතුළත් කරගන්නා ජිප් රථ සංඛ්‍යාව 500 සිට 600 දක්වා වැඩි කිරීමට එම සාකච්ඡාවලදී එකඟතාව පළ වී තිබේ.
උදෑසන කාලයේ ජිප් රථ 250 ක් සහ සවස් කාලයේ ජිප් රථ 250 ක් වශයෙන් දැනට යාල අභයභූමියට ජිප් රථ ඇතුළත් කරගන්නා අතර මේ තත්ත්වය නිසා ඇතැම් සංචාරකයන්ට ආපසු හැරී යෑමට සිදු වූ බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.
(055)

