යාපා පටුනෙත් වෙසක්


යාපනය දිසාපති  කාර්යාලය මෙහෙයවීමෙන්  කචිචේරියේදී අද දන්සලක්  පැවැත්වීය.

මහ දිසාපති සුන්දරෙයි අරුණෙයිනායගම් මහතාගේ ආරාධනයෙන් නාග විහාරාධිපති මීගහජදුරේ සිරිවිමල හිමියෝ එහිදී ධර්ම දේශනයක් කළහ.

බුද්ධාගම  විශ්ව දහමක් මිස සිංහලයන්ට පමණක් සීමා  වු දහමක් නොවන බව ඒ හිමියෝ කීහ.

 යාපනයේ තැන තැන වෙසක් සැරසිලි ද බෞද්ධ කොඩිද ඔසවා තිබිණි.

මෙහි සියළු සැරසිළි කටයුතු  ආරක්ෂක අංශ විසින් සිදු කළහ.