යාපනයේ දෙමළෙන් පළ කැරෙන උදයන් පුවත්පතේ පිටු හතරක ව්‍යාජ පත්‍රයක් අද අලුයම 4.30 වන විට යාපනයේ බෙදා හැර ඇත. දෙමළ ජාතික සංධානයෙන් උතුරු පළාත් සභාවට තරඟකරන ආනන්ද ශෂිධරන් රජයට එක්වූ බවත්, මැතිවරණය වර්ජනය කරන ලෙස මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා පවසා ඇති බවත් එම බොරු පත්‍රයේ සඳහන් වෙයි.
මෙම බොරු පත්‍රයට තම සමාගමේ කිසිම සම්බන්ධයක් නැති බව උදයන් හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රී පී සරවනබවාන් නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත.