(සිතුම් චතුරංග)
මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු සමත්ව තිබේ.
ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන ස්ථානය ජමුනානන්දන් ප්‍රනාවන් සහ එම අංශයෙන් දිවයිනේ පස්වන ස්ථානය ඔහුගේ සොහොයුරු ජමුනානන්දන් සරවණන් සිසුවා විසින් හිමිකරගෙන ඇත.
ඔවුන් දෙදෙනා යාපනය දිස්ත්‍රික්කයේ ජෙෙව විද්‍යා අංශයෙන් ප්‍රථම සහ දෙවන ස්ථානය දිනා ගැනීම විශේෂත්වයක් විය.
සිය ජයග්‍රහනය සම්බන්ධයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන ස්ථානය හිමිකරගත් ජමුනානන්දන් ප්‍රනාවන් සිසුවා මෙසේ කීය,
මමත් මගේ සහෝදරයත් එකට ජෙෙව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටිය. අපි විශේෂයෙන් ස්තූති කළ යුතුයි අපේ පංති භාර ගුරුතුමා වන එස්. සිවකාර්තිකේයන් ගුරුපියාණන්ට. ඔහුගේ මග පෙන්වීම මේ ජයග්‍රහණයට විශාල හේතුවක්වුනා.