යාපනේ තරුණ දොස්තරගේ සිරුර නිල නිවෙසේ ඇද උඩ


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

යාපනය මන්දගායි රෝහලේ තරුණ වෛද්‍යවරයකු රෝහල් පරිශ්‍රයේ පිහිටි සිය නිල කාමරයේ නිදන ඇඳ මත අබිරහස් ලෙස මියගොස් සිටියදී පේදුරුතුඩුව මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  සොයා ගනු ලැබීය.

මියගොස් ඇත්තේ ප්‍රේමානන්ද රාසා නමැති 30 හැවිරිදි අවිවාහක වෛද්‍යවරයෙකි.

මෙම වෛද්‍යවරයා පසුගිය දහවැනිදා සේවා කටයුතු නිමකර පිටව ගොස් ඇතත් නියමිත පරිදි පෙරේදා රාජකාරියට වාර්තා කර නොමැති බව හෙළිවී ඇත.

හිතවත් වෛද්‍යවරයකු ඒ ගැන විපරම් කර බැලීමට නිල කාමරයට ගොස් නම කියා කිහිප වරක් කතා කළත් ඊට ප්‍රතිචාර නොදැක්වූ නිසා දොර කඩා ඇතුළුවීමේදී පේමානන්ද රාශා මහතා නිදන කාමරයේ ඇඳ මත උඩුබැලි අතට වැටී මියගොස් සිටින අයුරු දැක ඇතැයි පොලිසිය සදහන් කරයි.

මෙම වෛද්‍යවරයාගේ නාසයෙන් ලේ ගලා ගොස් තිබෙන අයුරු ද දැකගැනීමට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පේදුරුතුඩුව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ කේ. වාසුදේවන් මහතා එම රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබේ.