(රොමේෂ් මධුෂංඛ)
යාපනයේ ස්ථාන කිහිපයකදී ආවා කල්ලිය විසින් කරන ලද පහරදීම්වලට සම්බන්ධ සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඊයේ (18) රාත්‍රියේ යාපනය මහෙස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන් ලබන ජුලි 1 වැනිදා දක්වා බන්ධනාගාර ගතකිරීමට යාපනය මහෙස්ත්‍රාත් ඒ.එස්.පීටර් පොල් මහතා නියෝග කළේය.
යාපනය මාණිප්පායි, කොකුවිල් හා චුන්නාකම් හි නිවාස කිහිපයකට ඇතුළු වී එහි භාණ්ඩ රැසකට දැඩි අලාභහානි සිදුකිරීම හා පසුගිය 12 වැනි දා කොකුවිල් උපදුම්රිය ස්ථානාධිපතිවරයාට පහරදීම යන කරුණුවලට සැක සහිතව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් අදාළ සැකකරුවන් 10 දෙනා අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය දිනයන්හි යාපනය දිස්ත්‍රික්කයේ සිදු වූ පුද්ගල පහරදීම් හා දේපල අලාභානි සිදු කිරීම් සියල්ලකටම අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධ වී ඇතැයි සැක සහිත බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් යාපනය මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දී ඇත.

